Saturday, November 14, 2020

ක්‍ෂිතිජ මතකය හිතේ හංගා


වෙරල මෙන් රල පහර නිවෙනා බලා ඉමි සමුදුර දිහා

රැල්ල අවුදින් වෙරල හෝදන් සමුදුරට අරගෙන ගියා

සේදි සේදී හීන වූවත් වෙරල යන්නෙද රල දමා

ආදරෙයි මම ඒ තරම් නෑ යන්නෙ ඈතට ඔබ දමා


මුහුදු පතුලෙදි පුංචි වැලිකැට ක්‍ෂිතිජයක්  මතකෙට මවා

නැවත නොලැබෙන වෙරල රළ ගැන හීන මතකය ගොඩ ගසා

රැල්ල වෙරලට ගියත් එන්නේ සමුදුරට බව හිත හිතා

හැමදාම හැංගිලා ඉන්නේ එන්න එලියට බය නිසා

No comments:

Post a Comment