Wednesday, April 26, 2017

හිත


හිත කොහෙද නැවතිලා,
දුර ඈත තනිවෙලා
හිත තියන් හිටපු අය
නො-එන්නම ගිහිල්ලා

Wednesday, February 15, 2017

අපේ මතකය




වැස්සකට අහුවුනු කඳුලු බින්දුවක් වගේ
පැහැදිලිව වෙන් කරල අඳුරගන්න බෑ
අපේ මතකය

Wednesday, January 25, 2017

හඳ

හැමදාම හැමෝම වගේ හඳ ගැන කවි ලියුවට,
හඳට එලිය දෙන්නෙ හිරු කියල කොහෙවත් ලිව්වෙ නෑ කවුරුත්
පුන්චි පුන්චි තරු හඳ වටේ දිලිසුනාට,
එගොල්ලොත් දන්නෙ නෑ රැවටුනා කියල හඳ එලියට