Saturday, November 14, 2020

මම වගේ ඔයා ගැන එයත් හිතනවද

මගේ හිත හැදෙන්නෙම ඔයා සතුටින් නම්

බොරු තරහ නපුරුකම් මට එපා දැන් නම්

දාල යන්නම ඕනෙ හිතෙනව නම් 

ඉන්න කියන්නට කෝ මට හිමි නෑකම්


මම වගේ ඔයා ගැන එයත් හිතනවද

මගේ පණ බඩගින්නෙ තියන් නැහැ නේද

ල‍ග ඉදන් ඔලුව අත ගානවා නේද

ආදරෙත් අඩු නැතුව දෙනව ඇති නේද


මට මගේ හිත හදා ගන්න

ඔයා සතුටින්ද මට කියන්න


නරක වැඩ දැකිනකොට දුක හිතයි නේද

නපුරු නැති ආදරෙන් කියල දෙයි නේද

මුලු ගේම ලස්සනට තියල ඇති නේද

මගේ පන සතුටින්ම ඉන්නවා නේද


මට මගේ හිත හදා ගන්න

ඔයා සතුටින්ද මට කියන්න


මට නැතත් ඒ සතුට ඔබ ලග රැදේවා

ජීවිතේ හැමදාම ආදරේ ලැබේවා 

මගේ මතකය ගොඩක් දුර වේවා

ඒ තරම් සෙනෙහසින් ඔබ සිත පිරේවා

No comments:

Post a Comment