Friday, September 10, 2021

මගෙ ආදරේ


දුරස් වීමම සතුටක් නම්,

මට පුලුවන් උදව් වෙන්න

ඉගිලෙන්න අත්තටුත් දීල සුබ පතන්න.

තවත් උදව් ඕනෙ නම් ඒවත් කරන්න

එහෙම තමයි ආදරේ

ඔයාගෙ සතුට හොයාගෙන යන්න

මට පුලුවන් ඕන දෙයක් ඒ වෙනුවෙන් කරන්න

Thursday, March 4, 2021

තනි වුනේ මාවයි....

එදා නුඹ වෙනුවෙන්ම හිටියේ
මැණික මම විතරයි
ජීවිතේ නුඹෙ ආදරේ 
වෙන කෙනෙකුගේ විතරයි

යන්න හිතුනත් හඩා වැටුනේ
ආදරේ හින්දයි
ඒත් ඈතට යන්න හිතුවේ
නුඹෙ සතුට දෙන්නයි

මාව තනිකර දමා ගිය බව
දන්නේ නුඹ විතරයි
දන්නෙ මම විතරයි

එදා ඔබ දෙස බලාගෙන මම 
වැලපුනේ තනිවයි
ලෝකයක් ඉදිරියෙ කෑ ගසා මම
හඩන්නේ කොහොමැයි

නුඹ ගියේ තනිවයි
තනි වුනේ මාවයි....

Thursday, February 11, 2021

කටු වචන

ඔබේ වචනෙන් ඇනුන කටු මගෙ මුලු හිතම ටික ටික මරනවා

ණපුරු ඒ  කටු වචන මම හරි හෙමි හෙමින් විසිකරනවා

ඒ උනත් කටු ඇනුනු තැන් වල කැලැල් තවමත් තියෙනවා

ආදරේ නම් බිඳක් අඩු නෑ ඔයා ලඟ මම ඉන්නවා


ආදරෙයි මගේ පණ ඔයා ලඟ හැමදාම මම ඉන්නවා 

එදා දුන් ඒ පොරොන්දුව මම ජීවිතේටම රකිනවා

නපුරු වෙන්නට එපා මහ ගොඩක් මේ හිත රිදෙනවා

ඕනෙ දවසක ඕනෙ දේකට ඔයාටම මම ඉන්නවා 


Wednesday, January 13, 2021

අවසර දෙන්න ඔබ ගිය පසුපස එන්න


මම නැතිදාක මේ ජීවන මග යන්න 

ඔබ සවිමත්ද මා හට එය පවසන්න 

අපි දෙන්නගෙන් කෙනෙකුට ඉක්මන් වෙන්න 

වෙනවා සසරෙ එය බැහැ වලකාලන්න


මා පෙර ගිහින් ඔබ හට දුක් නොම වෙන්න

එක මොහොතකට ඔබ මට ඉක්මන් වෙන්න

මතු හැම භවයකම අපි අපගේ වෙන්න 

මට අවසරද ඔබ ගිය පසුපස එන්න