Wednesday, December 16, 2015

ඔබ නැතිව

සිතන්නට සිතක් නැත
දකින්නට සිහින නැත
පතන්නට පැතුම් නැත
රකින්නට දෙයක් නැත

Monday, December 7, 2015

ඔබේ තරුව

හැමදාම ලඟ ඉන්න
මගේ අහසම වෙන්න
මා ලොවට නොපෙනුනත්
එපා නුඹ සඳ වෙන්න
නපුරු හිරු එලිය ලඟ
එපා තනිකර යන්න
ගිනි අව්වෙ දැවෙන මා
ඔබ ලඟින් රැකගන්න

Sunday, December 6, 2015

මගුල

ඔය කාගෙවත් වෙන්න කලින්
මම මගෙ දෙමව්පියන්ගෙ දුව උනේ
ඊට පස්සෙ කවුරු කාගෙ උනත්,
මම මගෙ තාත්තගෙ අම්මගෙ දුව
මම පොරොන්දු උනේ නෑ කවදාකවත් අම්ම තාත්ත අත් ඇරල එන්න

Tuesday, November 24, 2015

මට සමාවෙන්න

යකඩ යකාට පුලුවන්ද මාවත් ගෙනියන්න?
එයා ගෙනියපු තැනටම?
මට කියානග්ග බැරි වුන දෙයක් තියනව කියන්න

ආදරේ හැන්ඟුවට නෙමයි,
තෙරුම් නොගත්තට

අවසාන මොහොත ලඟ

අපි අපේ නොවන බව මම දැන් හිතට කිවු නිසා,
එනමුත් දකින හැම මොහොතම මතකෙ ඇති නිසා
කවදාවත් නොදැක ඉන්න පතනු බැරි නිසා
හැර යන්නද මම මේ ලොව නුහුරු වුන නිසා

Monday, May 25, 2015

If you believe in true love,

One day,
You'll feel what is love
You'll love me as I do now
May be it'll be too late...
But you'll never miss me as I do now
I'll be always here for you...
Promise is a promise...

Tuesday, March 31, 2015

පුන්චි තරු

ඉර පායනකොට, ඇයි තරු පායන්න බැරිද?
තරු කොහොමත් අහසෙ පායනව
හැමදාමත් වගේ,
අපිටයි එ පුන්චි තරු කැට
පේන්නෙ නැත්තෙ.

Thursday, February 12, 2015

ජීවිතේ

අද උදෙන්ම එනකොට දැක්ක
තාත්තෙකුයි පුන්චි දුවෙකුයි පාර මාරුවෙන්න එනව
මට මතක් උනා.....
මගේ තාත්තා!
අපේ ඉස්කෝලෙ ලඟින් මාව පාර මාරු කරපු කාලෙ
මමත් ඉඩදීල බලන් හිටිය ඒ දෙන්න යනකම්.
පිටිපස්සෙන් හෙනගහනව වගේ අහුන හෝන් සද්දෙට,
මට මතක් උනා.....
අපිට එක තැනක නැවතිලා ජීවිතේ දිහා බලන්නවත් වෙලාවක් නෑ නේද!

Thursday, January 15, 2015

මගේ නෙත් ඔබේ

ඔබ වෙනුවෙන් කඳුලු පිරුනු මගේ නෙත් දෙක
මා වෙනුවෙන් අද කඳුලැලි ඇයිද කිව මැන!
එදා මගේ නෙතේ පිරුනු ඔබේ රන් රුව
හැමදාමත් ඔබේ නෙතට පෙනෙනු දෙනු මැන!

Tuesday, January 13, 2015

කවුරුහරි හිතනව නම්, වැරදිත් නෑ!

ඉරයි හඳයි ගැන,
හැමදාම හැමෝම ලියන්නෙ,
වෙන කිසිම දෙයක් මේ ලෝකෙ නැති නිසා...

පුන්චි දූ

මම ඉපදුන දවසෙ සතුටට අම්මටයි,අප්පච්චිට ඇඩුනලු...

 මට තාමත් මතකයි පුන්චි කාලෙ මගේ අතින් අල්ලගෙන ඉස්කොලෙට එක්කගෙන ගිහින්, පන්තියෙන් වාඩි කරල අප්පච්චි පන්තියෙන් එලියට යන්නෙ, මාව තනියම තියල යන්න ලොබකමින් වගේ...

    අප්පච්චි යනකොට මම අඩනකොට, අප්පච්චිගෙ ඇස් වලින් කඳුලු එනකොට,අඬන එක නවත්තන්නෙ, අප්පච්චිට දුක හිතෙනව මට බලන් ඉන්න බෑරි නිසයි.....

    අද මම විශ්ව විද්‍යාලෙට ගියාට වෙනසක් නෑ අප්පච්චි.... 
මගෙ හිතේ මගේ අප්පච්චිට තිබුන ආදරේ කවදාවත් වෙනසක් වෙලා නෑ. මම  මම තාමත් මගෙ අප්පච්චිගෙ පුන්චි දූ තමයි.

හැමදාටමත් එහෙම තමයි....

[ මේක ලියුවෙ මීට අවුරුදු 4කට කලින් :-) ]

ඔබ

ආයේ නම් දකිනු එපා
මාගේ සිත කීවත්,
එකම වරක්වත් දකින්න
හමදාමත් පතනා
එකම එක රුව ඔබයි
ඔබමයි

කඳුලක් නම් එන්න එපා
හමදාම සිතුවත්,
දකින දකින හැම වරකදී,
නෙත් කඳුලක බොඳවී යන
එකම එක රුව ඔබයි
ඔබමයි

මා ගැන නම් සිතනු එපා
හමදාමත් සිත කීවත්
මටත් හොරෙන් හැමදාමත්
මා ගැන එතරම් සොයනා
එකම එක රුව ඔබයි
ඔබමයි

එකම දුව

මම ඇයගේ එකම දුවයි
පුතත්, දුවත් මමම තමයි!
සසර පුරා එහෙමම වෙයි.
හැමදාමත් එකම වගෙයි,
ඇය මට ආදරයම දෙයි.
කොතරම් දුක් දුන්නත් මම,
මා සමගින් තරහ නොවෙයි.
හමදාමත් මේ සසරේ,
මාගේ හෙවනැල්ල ඇයයි.
මගෙ අම්මා ඒ ඇයමයි,
මා ඔබගේ එකම දුවයි!
සන්සාරෙන් සන්සාරෙට,
මා පතනා පැතුම එයයි!