නින්ද අහලක නෑ
ඒ වුනත් ඔබ එතැයි හීනෙන් හිතට නිවනක් නෑ
නිදාගන්නට බෑ
ඔබ එනවනම් හැමදාම හීනෙන් ඇහැ අරින්නෙත් නෑ
කවදා කොතැනක යලි දකින්නද
දිනක් අහලක නෑ
අයිතියක්වත් මට මගේ හිත ගැන දැන් ඇත්තේම නෑ
නින්ද අහලක නෑ
ඒ වුනත් ඔබ එතැයි හීනෙන් හිතට නිවනක් නෑ
නිදාගන්නට බෑ
ඔබ එනවනම් හැමදාම හීනෙන් ඇහැ අරින්නෙත් නෑ
කවදා කොතැනක යලි දකින්නද
දිනක් අහලක නෑ
අයිතියක්වත් මට මගේ හිත ගැන දැන් ඇත්තේම නෑ
කඩුව දෙනකොට මනමෙ කුමරිය මමත් පැනලා ඒක ගත්තට,
මනමේ කුමරා සටන් කෙරුවේ ඒකි වෙනුවෙන් පනත් දීගෙන
ඒ මොහොතෙ මම පිටට ඇන්නට හිතේ තරහට සටන හින්දම
ඌ බැලුවේ ඒකිගේ මූනයි මැරෙන මොහොතෙත් ආදරේටම
ජීවිතේ තව දුරම ගමනක් යන්න තිබුනට කුමරි එක්කම
තවත් ආදරණීය කුමරෙක් ආවොතින් අපි දෙන්න මැද්දට
මේකි දෙයිදෝ මගේ කඩුවත් ඌට පැනලා අනින්නට මට
අම්මපයි මම තාම හිතනවා…
එදා එතනදි ඌට වුනුදේ, කවද කොතනදි සිදු වෙයිද මට!
නුඹ ඔතන මම මෙතැන දෙපසකට වෙන් වුනා
වැරදුනේ කොතැනකද සිතමින්ම දුක් වුනා
හේතුවක් හොය හොයා වසර ගනනක් වුනා
අදත් මම හීනෙකින් නුඹෙම විතරක් වුනා.
හීනෙකින්හරි ලඟට ආවා මගේ පන අද මගේ
උදේ ඇහැරුනේ ඇයිද හිතුනා හුස්ම නොගිහින් මගේ
හිත පිරෙන්නට සතුට පුරවපු වචන ඒ හඬ නුඹේ
හීනයක්මද දැක්කේ ඒ මම තාම දැනෙනවා වගේ
හිතපුවත් නැති වෙලාවක මට හීනෙකින් ඇවිදින්
හීනෙකින්වත් හිතපු නැති දේ කිවුවේ ඇයි රහසින්
ඔය අතින් මගේ මූන අල්ලන් ආදරේ දෑසින්
“ඇයි ගියේ මගෙ රත්තරන්, කමක් නෑ අපි අපේ දැන්”
අනේ ඇයි මම ඇහැරුනේ අද හුස්ම නොගිහින් දැන්
බලන් ඉන්නම් පපුව මැද දුක හුස්ම මගෙ අල්ලන්
අනේ ආයෙත් එකම දවසක් එහෙම ඉමු හීනෙන්
ඒ සතුට මැද හුස්ම යන්නට කවදහරි වෙනකන්