Sunday, July 21, 2024

වැරදුනේ කොතැනකද

නුඹ ඔතන මම මෙතැන දෙපසකට වෙන් වුනා

වැරදුනේ කොතැනකද සිතමින්ම දුක් වුනා

හේතුවක් හොය හොයා වසර ගනනක් වුනා

අදත් මම හීනෙකින් නුඹෙම විතරක් වුනා.

Wednesday, July 3, 2024

හීනෙකින්වත් නොසිතූ හීනය

හීනෙකින්හරි ලඟට ආවා මගේ පන අද මගේ

උදේ ඇහැරුනේ ඇයිද හිතුනා හුස්ම නොගිහින් මගේ

හිත පිරෙන්නට සතුට පුරවපු වචන ඒ හඬ නුඹේ

හීනයක්මද දැක්කේ ඒ මම තාම දැනෙනවා වගේ


හිතපුවත් නැති වෙලාවක මට හීනෙකින් ඇවිදින් 

හීනෙකින්වත් හිතපු නැති දේ කිවුවේ ඇයි රහසින්

ඔය අතින් මගේ මූන අල්ලන් ආදරේ දෑසින් 

“ඇයි ගියේ මගෙ රත්තරන්, කමක් නෑ අපි අපේ දැන්”


අනේ ඇයි මම ඇහැරුනේ අද හුස්ම නොගිහින් දැන්

බලන් ඉන්නම් පපුව මැද දුක හුස්ම මගෙ අල්ලන්

අනේ ආයෙත් එකම දවසක් එහෙම ඉමු හීනෙන්

ඒ සතුට මැද හුස්ම යන්නට කවදහරි වෙනකන්