Saturday, September 28, 2019

මගේ නොවුුුනත් මගේ අාදරය...



එන්න පුලුවන්ද මේ පෝයට අපේ පන්සලට
ඉස්සරම වාගේ සුදු අැඳන් ලස්සනට
ලඟයි දැන් වෙහෙසකර නෙත් මගේ  පියවෙන්නට
දකින්නට අාසයි අවසාන වතාවට



හිත මගේ...






වසර ගනනක් එකට හිටියට කිසිම නෑ ගැලපීමක්
යකෙක් බැඳගෙන කවරදාවත් හිතට නෑ සැනසීමක්
අතීතෙක මගහැරුනු අයගෙන් කුමට යලි හමුවීමක්
එහෙම හිතලා හිත හැදූවත් හිත පුරා කැලඹීමක්

Tuesday, September 24, 2019

මගේ රන්

නුඹේ සුවඳත් හිතට දැනෙනව මතක අතරින් තාමත්...
මතක් වෙනකොට නුඹේ රූපය දුකයි මට හැමදාමත්...
කිසිම දාකත් හිතන්නට බෑ නුඹව හැර වෙන කාවත්...
මෙලොව නැතුවට මගේ පණ නුඹ අරන් යනවද මාවත්...

Tuesday, September 3, 2019

ගැහැනු

ලෝකෙටම හොරෙන්
තමන්ටත් හොරෙන්
දවසට කී වතාවක් නිරැවත් වෙනවද පිරිමි අැස්වලින්

Thursday, August 29, 2019

අාදරෙයි මම

ඔයා නිසා ලැබෙන දුකත් සතුටින් බාරගන්න තරමටම

මම දන්නව ඔයා...

මම කා ගැනද හිතන්නෙ මොනවද කරන්නෙ
හොයල බැලුව නේද?
මගේ තාත්තව දැකල වටපිට බල බලා හෙව්වෙ මාව නේද?
එදා පන්සලේ හැම තැනම අැවිදිනකොට මාව දකින්න හිතුව නේද?
හැමදේම හිතේ හන්ගගෙන මට නොකියම දුකක් දෙන්නෙත් මටමයි නේද?

Sunday, August 25, 2019

අවන්කම අාදරේ

අාදරේ හොඳටෝම අවන්කවම ලැබෙන්නෙ
බඩ අැතුලෙ තමන්ව තියන් හිටපු අම්මගෙනුයි,
තමන්ගෙ බඩෙන් එලියට අාපු දරැවගෙනුයි,
එ් හැම දේකටම හිත හයිය කරපු තාත්තගෙනුයි විතරමයි.

Saturday, August 24, 2019

අාදරෙයි හැමදාටම

ඔයාව දකින්න නැතුව දුක හිතෙන්නෙ
බලන්න එන්නම හිතෙන්නෙ
මෙච්චර කල් හැමදාම දැකපු නිසා නෙවෙයි
කටහඬ අහන්න නැතුව දුක හිතෙන්නෙ
හැමදාම අපි කතා කරපු නිසා නෙවෙයි
මම හැමදාම අාදරේ කරපු නිසා
එ්ත් කවදාවත් කියාගන්න බැරිවුන නිසා

Friday, February 8, 2019

දරාගන්නට බෑ

කව්රු නැතිවුනත් මම ඉන්නව ඔයාට හැමදාටම
කියපු නිසා...
කාටත් වැඩියෙන් මම ඔයාවම විශ්වාස කරපු නිසා...
හීනෙකින්වත් හිතුවෙ නෑ මම මෙහෙම දවසක් එයි කියා...
දැනගත්ත නම් කියනවා මම,
මම නිසාවත් මගෙන් ඈතට යන්නෙපා...
දරාගන්නට බෑමයි කියා...

Wednesday, February 6, 2019

ආදරෙයි හැමදාටම පන...




එක සැරයක් ආදරෙයි කිව්වහම , ලොකයක් හීන දකින...
වැරදිලා උනත් කියන වචනෙකත්, ආදරේම හොයන...
එකම එක හිනාවකින්, මහමෙරක් දුක නිවෙන...
මගේ මෝඩ හිත...

Tuesday, January 29, 2019

ඔයා වෙනුවෙන්ම...

ඔයාට මාව ඕනෙ වෙනකොට කියන්න
මම ඉන්නම් ඔයා වෙනුවෙන්...
ඔයාට මාව එපා වෙනකොටත් මට ඇත්තම කියන්න
තරහක් නෑ...
ඔයාට ඕනෙ වෙලාවක මම ඉන්නව හමදාටම ඔයාට ආදරෙන් ...

නින්ද...

මට ඉතුරු වෙලා තිබුනෙ
නින්ද විතරමයි...
හැම දුකක්ම මග අරින්න,
මම නිදාගත්ත මැරැන වගේ...
එ්ත් ඔයා අැයි එ්කත් මට නැති කෙරැවෙ?
හිතට සහනෙකට
තිබුනෙ මට එච්චරමයි...