Wednesday, September 6, 2023

නුඹට තුරුළු වී ඒ පපුව මැද්දේ

මං නුඹට තුරුළු වී ඒ පපුව මැද්දේ

සත්තමයි සැනසුණා උනුසුමත් ලග සිත්සේ

හිර කරන් මගේ කඳුළු ඇස් පියන් අස්සේ

අද රෑත් ගුලිවුණා ඒ හීනෙ අස්සේ.....

Saturday, January 14, 2023

අත්හැරීමත් ප්‍රේමයක්

කෝටියක් ආදරේ හින්දම ලඟින් ඉන්නට ආස හිතුනා…

අයිතියක් නැති හිතක ඉන්නට බැරි නිසා මම ආයෙ හැරුනා

ඒ වුනත් මම ආදරේටම හැමදාම මහ හුඟක් ඇඬුවා

නුඹෙන් ඈතට ඉගිල යනකොට හුස්ම මගෙ නැවතිලා තිබුනා…


අත්හැරීමත් ප්‍රේමයක් බව මමත් නුඹගෙන් ඉගෙන තිබුනා… 💐


යන්න අවසර හිමියනි

ජීවිත දින පොතේ

ලියුව හැම කවියේ

ඔයාමයි හිටියේ

ඒ කතා අස්සේ


මගේ හිත හැදුවේ

දින පොතේ හිටියේ

ඔයාමයි ඒ හිතේ

ගිනි තියා මැරුවේ


ඉතිරි දින නොදනිමි

ඉතිරි පිටු නොලියමි

මතකයන් ගෙන යමි

යන්න අවසර හිමියනි