ඔබේ වචනෙන් ඇනුන කටු මගෙ මුලු හිතම ටික ටික මරනවා
ණපුරු ඒ කටු වචන මම හරි හෙමි හෙමින් විසිකරනවා
ඒ උනත් කටු ඇනුනු තැන් වල කැලැල් තවමත් තියෙනවා
ආදරේ නම් බිඳක් අඩු නෑ ඔයා ලඟ මම ඉන්නවා
ආදරෙයි මගේ පණ ඔයා ලඟ හැමදාම මම ඉන්නවා
එදා දුන් ඒ පොරොන්දුව මම ජීවිතේටම රකිනවා
නපුරු වෙන්නට එපා මහ ගොඩක් මේ හිත රිදෙනවා
ඕනෙ දවසක ඕනෙ දේකට ඔයාටම මම ඉන්නවා