Thursday, July 31, 2014

මම

ආ මඟ කෙටි කියන්නෙ නෑ
යා යුතු දුරක් දන්නෙ නැති නිසා
ඒත් දන්නව
යන්න වෙන දවසට යන්නම වෙනව
මේ ඔක්කොම අත්හැරල
ඉතින් මම ලෑස්තී

ඉතින් ඇයි ආයෙත් සඳ පායන්නෙ?

ගිනියම් අහසක තනි උනාට,
හිරු එලියෙන් ආලෝකමත් වුනා
වාලාකුලුත් මඟ කීව,
ගිනියමට නොදැවී, ආලෝකයෙන් බැබලෙන්න!

Monday, July 28, 2014

හැමදෙයක්ම ඔයාගෙ..! ඒත් ඒ මගේ ජීවිතේ~!

මගේ හිතේ හීනයක් වෙලා ලඟින් තිබුනු ඒ ආදරේ,
මම මෙච්චරක් කල් හීන දැකපු  ඒ ජීවිතේ,
ඒ හිනාව,
ඒ කතාව,
ඒ හැමදෙයක්ම ඔයාගෙ
කිසිම තරහක් ඊරිසියාවක් නෑ
සතුටෙන් තියන්න හැමදාටම
ඒ මගේ ජීවිතේ!
හැමදාටම මම ආදරේ කරන මගේ ජීවිතේ!

හැමදාටම

ගලායන ගංගාව ගලා ගියාදෙන්
හමායන සුලංරැල් හමා ගියාදෙන්
ගෙවීයන කාලය ගෙවී ගියාදෙන්
හැරයන ජීවිතය හැරදා ගියාදෙන්

Friday, July 25, 2014

තනිකඩ අසරන මහළු!

නමට පෙර බොහෝ විශේෂන,
නමට පසු බොහෝ අකුරුත් ඇති,
උගත් පඬි රුවන!