Monday, December 24, 2018

දුර ඉඳන් බලනකන්

තරුවක් හරිම පුංචිලු
තනි තරුවක එලිය මදි වගේලු
ළඟට යන්න බයයිලු
පිච්චිලා අළු වෙන්න

Sunday, May 6, 2018

හිනහෙමු යලී දිවි ඇති තුරා

අපි අපෙන් වෙන් උනේ පෙර කල පවෙන්,
ඒ මතක මා රිදවයි හෙටත්...
දැන උන්න නම්, දුර යන බවක්
මේ තරම් දුරකටම නොඑනා ලෙසින්,
සමුගන්නෙ නෑ...
මගේ ආදරේ... නොකියන්නෙ නෑ...
යලි හමුවනු බැරි ලෙසින්, අපි දුර උනත්
මා ජීවිතේ පින් ඔබටයි සදා
හැකි ඉක්මනින්... මතු අත්භවේ... එන්නම් සොයා...
හිනහෙමු යලී දිවි ඇති තුරා 

Sunday, April 29, 2018

වෙසක් පෝයට

තනි තනිව, වෙන් වෙන්ව
අපි දෙන්නම ආපු එකම පන්සලට
අදත් අපි යමු
තනියෙන් නෙමෙයි
ඒත් වෙන් වෙන්ව 

කරුමය

ඔයත් හරියට මුහුද වගේ
දුරින් බලනකොට ලස්සනයි
රැල්ලට අහු උනහමයි හිතෙන්නෙ
මේ මොන කරුමයක්ද 

Saturday, March 31, 2018

ජීවිතේ

කියාගන්න වචනයක් නැති වෙන්න
අඩාගන්න කදුලක් නැතිවෙන්න
පින්තූරෙකට පුලුවන් නම් මෙහෙම හිත රිදවන්න
හරි දුකයි ජීවිතේ මගෙන් ඈතට යන්න 

Wednesday, March 21, 2018

ඉන්නව නම් - මට කියන්න.


මටත් ඉන්නව "නම්"
හැමදේම ආදරෙන් බෙදාගන්න කැමති කෙනෙක්,
කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව ගිරවෙක් වගේ මම කියවනකොට මාව කරදරයක් නොවී එයාටත් ගිරවෙක් වෙන්න පුලුවන් කෙනෙක්,
මම වගේම මාත් එක්ක හැමදේම ඔහේ කියවන කෙනෙක්,
කොච්චර මහන්සි උනත් රසට උයන්න මගේ හිතට හිතෙන තරමට ආදරෙන් උදව් කරන කෙනෙක්,
ජීවිතේ අනිත් මිස්සු අපිට කරන උදව්, උදව්වක් විදිහට දකින නිහතමානි අදරණීයයෙක්,
කරන දේ කියන , කියන දේ කරන්න පුලුවන් කෙනෙක්,
මට කියන්න. මම ඉන්නව ඔයා වෙනුවෙන් ජීවිතේම දෙන්න

Tuesday, March 20, 2018

මගේ පිස්සුව




මටත් පිස්සුවෙන් වගේ ආදරේ කෙනෙක් ඉන්නව නම්
මමත් ආසයි ඊටත් වඩා පිස්සුවෙන් ආදරේ කරන්න
පිස්සුවෙන් වගේ ආදරේ කරල
දුක් විඳල මැරිල යන්න

ඇරයුමයි


ලඟ ඉඳන් මගේ හිත සනසන
මට ඕනෙ තනිවෙන්න ඔයා ලඟ
හැමදාම මගෙ දුකට දුක් වෙන
තනිවෙලා ඉමු කවිය මගේ ලඟ