Wednesday, September 6, 2023

නුඹට තුරුළු වී ඒ පපුව මැද්දේ

මං නුඹට තුරුළු වී ඒ පපුව මැද්දේ

සත්තමයි සැනසුණා උනුසුමත් ලග සිත්සේ

හිර කරන් මගේ කඳුළු ඇස් පියන් අස්සේ

අද රෑත් ගුලිවුණා ඒ හීනෙ අස්සේ.....

Saturday, January 14, 2023

අත්හැරීමත් ප්‍රේමයක්

කෝටියක් ආදරේ හින්දම ලගින් ඉන්නට ආස හිතුනා…

අයිතියක් නැති හිතක ඉන්නට බැරි නිසා මම ආයෙ හැරුනා

ඒ වුනත් මම ආදරේටම හැමදාම මහ හුගක් ඇඩුවා

නුබෙන් ඈතට ඉගිල යනකොට හුස්ම මගෙ නැවතිලා තිබුනා…


අත්හැරීමත් ප්‍රේමයක් බව මමත් නුඹගෙන් ඉගෙන තිබුනා… 💐


යන්න අවසර හිමියනි

ජීවිත දින පොතේ

ලියුව හැම කවියේ

ඔයාමයි හිටියේ

ඒ කතා අස්සේ


මගේ හිත හැදුවේ

දින පොතේ හිටියේ

ඔයාමයි ඒ හිතේ

ගිනි තියා මැරුවේ


ඉතිරි දින නොදනිමි

ඉතිරි පිටු නොලියමි

මතකයන් ගෙන යමි

යන්න අවසර හිමියනි

Wednesday, May 4, 2022

හැමදාටම

වැස්ස වැටිලා සීත හිම මත

හිතක සිතුවිලි දියවෙලා

කොහොම එන්නද හිත හැදෙන්නද

කොළඹ අහසම කළු වෙලා


ආදරේමද දන්නෙ නෑ මම

හිතුවෙ හොද දේ විතරමයි

කොළඹ අහසම ලස්සනයි නම්, 

මගේ හිතටත් සැනසුමයි


Friday, September 10, 2021

මගෙ ආදරේ


දුරස් වීමම සතුටක් නම්,

මට පුලුවන් උදව් වෙන්න

ඉගිලෙන්න අත්තටුත් දීල සුබ පතන්න.

තවත් උදව් ඕනෙ නම් ඒවත් කරන්න

එහෙම තමයි ආදරේ

ඔයාගෙ සතුට හොයාගෙන යන්න

මට පුලුවන් ඕන දෙයක් ඒ වෙනුවෙන් කරන්න

Thursday, March 4, 2021

තනි වුනේ මාවයි....

එදා නුඹ වෙනුවෙන්ම හිටියේ
මැණික මම විතරයි
ජීවිතේ නුඹෙ ආදරේ 
වෙන කෙනෙකුගේ විතරයි

යන්න හිතුනත් හඩා වැටුනේ
ආදරේ හින්දයි
ඒත් ඈතට යන්න හිතුවේ
නුඹෙ සතුට දෙන්නයි

මාව තනිකර දමා ගිය බව
දන්නේ නුඹ විතරයි
දන්නෙ මම විතරයි

එදා ඔබ දෙස බලාගෙන මම 
වැලපුනේ තනිවයි
ලෝකයක් ඉදිරියෙ කෑ ගසා මම
හඩන්නේ කොහොමැයි

නුඹ ගියේ තනිවයි
තනි වුනේ මාවයි....

Thursday, February 11, 2021

කටු වචන

ඔබේ වචනෙන් ඇනුන කටු මගෙ මුලු හිතම ටික ටික මරනවා

ණපුරු ඒ  කටු වචන මම හරි හෙමි හෙමින් විසිකරනවා

ඒ උනත් කටු ඇනුනු තැන් වල කැලැල් තවමත් තියෙනවා

ආදරේ නම් බිඳක් අඩු නෑ ඔයා ලඟ මම ඉන්නවා


ආදරෙයි මගේ පණ ඔයා ලඟ හැමදාම මම ඉන්නවා 

එදා දුන් ඒ පොරොන්දුව මම ජීවිතේටම රකිනවා

නපුරු වෙන්නට එපා මහ ගොඩක් මේ හිත රිදෙනවා

ඕනෙ දවසක ඕනෙ දේකට ඔයාටම මම ඉන්නවා